Thursday, August 22, 2013

සත්ව මිනිසා සහ දේව මිනිසා

සමාජය කියන්නේ මිනිසාගේ නිර්මාණයක්. එහි අයිඩියල් දේවල් නැහැ. එහි තියෙන්නේ මිනිසා විසින් හදා ගත්තු දේවල්. හොඳ නරක මිශ්‍රිත. පරිනාමිකව ගත්තම මිනිස්සු කියන්නේ සත්තු. පරිපූර්ණ ජීවී විශේෂයක් නොවේ.

එහෙත් මිනිස්සු හිතන්නේ සියල්ල නිමවන්නේ දෙවියන් කියා. දෙවියන් කියන නිර්මානාත්මක සංකල්පය අපේ නෝම් තීරණය කරන්න අපි යොදා ගන්නවා. මේ ඇදහීම නිසා බොහෝ මිනිස්සු තම මනක්කල්පිත දෙවියන්ගේ ස්වරූපයක් තමන් තුල ඉන්නවා කියා හිතනවා.

ඒ දේව මිනිසාට අනුව ලෝකයේ හරි වැරැද්ද මෙන්න මෙහෙම වෙන්න ඕනේ. මෙහෙම නොවීම මාර වැරදියි කියා තමන් තීන්දු කරගෙන ඉන්නේ.

ගැටලුව තියෙන්නේ ඇත්තෙන්ම ඉන්නේ සත්ව මිනිසා පමණයි. ඒ නිසා ප්‍රායෝගික ලෝකය දැක්කම දේව මිනිසාගේ නෝම් වලින් හිතන අයට විසංවාදයක් ඇති වෙනවා.

මේ විසංවාදය හිතට වද දෙන කොට ඒ වදයෙන් ගැලවෙන්න ඔවුන් විවිධ ක්‍රම සොයා ගන්නවා. බලන්න සමහර මිනිස්සුන්ට හරියට සල්ලි තියෙනවා. අනිත් අයට නැහැ. අපි මේ ලෝකය වෙනස් කරලා ඔක්කොගෙම ආදායම් සමාන කරමු. ඔන්න ඔය වගේ දේවල් මිනිසුන්ගේ හිත් වලට එන්නේ එහෙමයි. ලෝකය/ශිෂ්ටාචාරය කියන සත්ව මිනිසාගේ ප්‍රායෝගික නිර්මාණය විසින් දේව මිනිසාගේ සිතේ ඇති කරන දුක්බර හැගීම් සමනය කර ගන්නා හැටි.

සියලු යුතෝපිය චින්තනයට හේතුව මේ මවා ගත්තු දෙවියන්ගේ අවතාරයයි. සියලු යුතෝපිය චින්තන වල සාර්ථකත්වයට මේ දේව මිනිසා අතිශයින් අවශ්‍යයි. සත්ව මිනිසා එක්ක බැහැ ඒවා කරන්න.

දෙවියන් නැහැ කියා හිතුවට බොහෝ දෙනෙක් දෙවියන්ගෙන් ව්‍යුත්පන්න වන දේව මිනිසා හදා ගන්න තමයි දඟලන්නේ. සත්ව මිනිසා ඒ ලෙසට බාරගෙන වඩාත් පරිනාමිකව උසස් ජීවියෙක් කර ගන්න කාටවත් උවමනාවක් නැහැ. හෙවත් සමාජයේ වැරදි ඇති ලෙසට පිළිගෙන ඒවා හැකි තරම් යහපත් කර ගන්න ඕනේ නැහැ. සමාජයේ වැරදි නිසා තමන්ගේ යුතොපියා ෆැන්ටසියේ හිතෙන් ජීවත් වීමේ ගංජා ආතල් එක ඊට වඩා ආකර්ශනීයයි.

2 comments:

  1. බොහෝ මිනිස්සුන්ගේ ඔලුවේ එක එක්කෙනාගේ දැක්මට සාපේක්ෂව ඔය කියන ගොඬනැගිය යුතු පර්ෆෙක්ට් ලෝකයක ඡායාවක් තියෙනවා, සහ එක් එක් දේ ගැන මතවාද සහ විශ්වාස තියෙනවා. ඒවායින් බොහෝමයක් සංකල්ප වලටම පමණක් සීමා වුන දේවල්. දැන් ඔය මිනිහා තුල තියෙන සාපේක්ෂ වූ පර්ෆෙක්ට් ලෝකය ප්‍රායෝගිකව ගොඬනගන්නේ, ගොඬනගන්න උත්සාහ කරන්නේ ඌ තුල ඉන්න 'දේව මිනිසා' කියලයි කොකා කියන්නේ. (මම හරියට තේරුම් අරන් නම්). පරිනාමිකව සතෙක් වන මිනිහා තමාගේ පට්ට ස්වභාවික වන ගතිලක්ෂණ නිසා මගේ දැක්මට අනුව ෆේල් වීම මෑතක් වන තුරුම ලොකු ප්‍රශ්නයක් වීම මගේ දැක්මේ ලොකු අවුලක් බව තේරුම් ගැනීමට පුලුවන් වුනෙත් ඉතාම මෑතකදි. මිනිහා කියන එකා සතෙක්ය, ඒ සතා පර්ෆෙක්ට් වීම බලාපොරොත්තු වීමම අවුලක්ය කියන එක තේරුම් අරන් ලෝකය පර්ෆෙක්ට් නොවීම ප්‍රශ්නයක් කර නොගැනීම වැදගත් බවයි දැන් සිතන්නේ. මිනිසාගේ 'වැරදි' යැයි අපි කියන දේවල් වලටද ස්වභාවික වූ හේතු සහ පැහැදිලි කිරීම් ඇති නිසා වොරි වීමම අතාර්කිකයි.

    ReplyDelete
    Replies
    1. බන්ඩා ඔබ කියන විදියට මිනිසා කරන වැරදි වලට ස්වභාවික හෝ විද්යාත්මක පදනමක් තිබූ පමනින් ඒවා ගැන වොරි නොවිම නුසුදුසු ද? බහුතරයකගේ පොදු යහපත සදහා සීමා පැනවිමක්/ නීති මාලාවක් තිබිය යුතුයි නේද?උදා: මිනී මැරීම, දූශන, අපයෝජන ආදිය වැලැක්වීමට . අප තවත් එක් සන්ව කොට්ටාශයක් වුවත් දැන් බිහි වී තිබෙන ශිශ්ඨ සම්පන්න සමාජයක පැවැත්මට සීමා අවශයයි නේද?

      Delete