Friday, May 29, 2015

වාස්තවික යතාර්ථය 1 : විද්‍යාව "පවතිනවා" කියන්නේ මොකකටද?

වාස්තවික යතාර්ථයක් පවතීද කියන මාතෘකාව යටතේ විවිධ ස්ථාන වල සංවාද රාශියක් කෙරුණා. මේ ගැන "පරිපූර්ණ"  බ්ලොග් සටහනක් ලියන්න උන්නත් ඒකත් වාස්තවිකත්වය වගේම අභව්‍ය දෙයක්, හෙවත් මේ කපේ ලියවෙන්නේ නැහැ. ඒ නිසා මගේ අදහස් ලියවෙන තැන්වලින් කොපි කර ලිපි සීරිස් එකක් ලෙස ලියන්න හිතුවා. මෙව්වයේ එකම දේ නැවත ලියවේවි, එහෙන් මෙහෙන් පටන් ගනීවි, ඉවරයක් වෙන එකකුත් නැහැ. ඔන්න ඔහේ ගියදෙන්. මේ පලවෙනි කථාංගය.

සංවාදයට හේතුවන ප්‍රකාශය: වාස්තවික මමක් නෑ කියන එක බටහිර චින්තනයේ පිළිගත්ත තත්වයක් කියල [] කියන කතාව වැරදියි.

මගේ ප්‍රශ්නය: "වාස්තවිකත්වය" භෞතික දෙයක් වෙන්න ඕනෙද? එසේනම් භෞතික කියන්නේමොකද්ද? මිකීමවුස් වාස්තවික නැද්ද?

පිළිතුර: මිකී මවුස් තියා ගෙදර ඉන්න මීයෙක් වත් වාස්තවික නෑ නේද?

--------

දැන් අපි එතනින් කතාවට අවතීර්ණ වුනොත්...

කිසිම දෙයක් වාස්තවික නොවේ නම් වාස්තවික කියා වචනයක් තියෙන්නේ ඇයි? වාස්තවික බව  ගැන කෙරෙන  වාදය  පවා  වාස්තවික නැහැ නේද? හෙවත් වාස්තවික කියන  අර්ථයත්සත්‍ය පැවැත්මක් නොවේ නේද? එයත්මවා ගැනීමක්. කුඩා ළමයෙකුට මිකී මවුස්. බොහෝ මිනිසුන්ට ගෙදර මවුස්. වෙන වෙනස් ඩිග්රි එකක මවා ගැනීම්

මෙතැනදී "බටහිර විද්‍යාව" කියන දැනුම් පද්ධතිය කරන්නේකිසිම තේරුමක් නැති ඒ වචනය භාවිතාවට ගන්නේ නැති එක. කොහෙත්ම අනවශ්‍ය දෙයක් ගැන කතාකරන්
නෙ මොකටද? පවතිනවා කියන හැමතැනම ඩිස්ක්ලේමර් එකක් දාල "මෙහි පවතින බව වාස්තවිකත්වයක් ලෙස නොසලකන්න" කියන්න ඕනේ නැහැනේ. ඒක නිකම් හරියට තාත්තා කියා ලියන තැන ඩිස්ක්ලේමර් එකක් [යු නෝ වට්] දානවා වගේ. විද්‍යාව එහෙමදාන්නේ නැතිනිසා සමහරු කියනවා විද්‍යාව වාස්තවිකත්වය වැළඳ ගන්නවා කියලා.

විද්‍යාව "පවතිනවා" කියන්නේ ඔය වාස්තවික පැවැත්මට නොවේ. හුදෙක් ඔබ මම ගස් වැල් ගෙවල් ආදිය "පවතින" එකට. ඒක කීවෙනි ඩිග්රි එකක යථා භාවයක්ද, එතනින් එහාට මවාපෑමක් ද කියන විද්‍යාවේ මීටරේට පරිබාහිර කතාව උන් හුදෙක් අල්ලලා දානවා.

උදාහරණයකට වාස්තවිකත්වය වගේම ටූත් ෆෙයාරි ගැනත් බටහිර විද්‍යාවේ කිසිම පැහැදිලිකිරීමක් නැහැ. එයින් කියවෙන්නේ නැහැ ටූත් ෆෙයාරිව බටහිරවිද්‍යාව විසින් පිළිගන්න බවක් හෝ ප්‍රතික්ෂේප කරන බවක්. ඒකෙන් කියන්නේ ටූත් ෆෙයාරිට බටහිර විද්‍යාව දක්වන්නේ හූ කෙයාස් සම්බන්ධයක් බව.

වාස්තවිකත්වය අවශ්‍ය වන්නේ බටහිර දර්ශනවාදයට, එයත් "පැවැත්ම" "ඔබ්ජෙක්ට්" වගේ එව්වා හාරගෙන හාරාගෙන යද්දී. එහෙම හාරන්න අවශ්‍ය වෙන්නෙත් ඊට පෙර ආගමිකව ආත්මයක දරදඬු පැවැත්මක් උන්ගේ ඔලුවලට බැස්සු නිසා. ඩේකාට් වගේ මිනිසුන්ට ගැලවෙන්න බැරි ඒකෙන්. කාන්ට් එහෙම පොඩ්ඩක් වෙනස් විවරණයක ඉන්නවා. හැබැයි බටහිර දර්ශනය ළූණු ගෙඩියේ ලෙලි ඔක්කොම ගැලෙව්වා කියලා මමහිතන්නේනැහැ. දේව ධර්මයෙන් ගැලවිලා සියවස් කීපයකින් එච්චර දුරක් යන්න බැහැ. කෙසේ වෙතත් Objective reality මාතෘකාවට එන්නේ එතනින් විනා බටහිර විද්‍යාවෙන් නොවේ.

Objective reality ගැන බටහිර විද්‍යාව දක්වන්නේ හූ කෙයාස් සම්බන්ධයක්. බොහෝ දුරට බටහිර දර්ශනවාදය ගැනත් විද්‍යාව දක්වන්නේ ඒ සම්බන්ධයම තමා.

3 comments:

  1. විද්‍යාව අදහන්නත් දර්ශනවාදයට කුඩම්මගේ සැලකිලි ලැබෙන්නත් ප්‍රවනතාවයක් ඇති වීම කණගාටුදායකයි. විද්‍යාව මිනිසාට ප්‍රයෝජනවත් බවට සියල්ලන් එකඟ වුනත් දර්ශනවාදය විසින් කෙරුන කාර්‍ය පොඩ්ඩ පොඩ්ඩ අමතක වෙලා යන බවක් පෙනෙන්නේ. දර්ශනවාදයේ එන කතිකාවත් වලින් මිනිසාට ඇති ප්‍රයෝජන බොහොමයි. කොටින්ම 'මම' කියලා කෙනෙක් ඇත්තටම ඉන්නවද නැද්ද කියන කතිකාව මෙලෝ වැඩකට නැති කතිකාවතක් වගේ පෙනුනට ඒකෙනුත් මිනිස් ජීවිතයට ගන්න දෙයක් තියෙනවා.

    ඒත් මේ වාස්තවික යථාර්තය ගැන කතිකාවතෙන් මිනිසාට ලැබුන හෝ ගන්න තියෙන ප්‍රයෝජනය මොකක්ද කියන එක ගැන මට හරි අදහසක් නැහැ. (ශාස්‍ත්‍රීය සංවාද ගොඬගඟන්න ඕන ප්‍රයෝජනවත් දේ වටා පමණයි කියල කියනව නෙමේ)

    මුහුණු පොතේ මිතුරන්ගේ සංවාද කියවීමෙන් හැර වෙනම කාලයක් අරන් හැදෑරීමක් කරල නැති මාතෘකාවක් ඕක. දැනට තේරෙන දේවල් ටිකට අනුව ඔය ගැන තියෙන්නේ මෙහෙම අදහසක්.

    ඔතනදි ඉදිරිපත් කෙරෙන ප්‍රධානම තර්කය තමයි වාස්තවික යතාර්ථයක් තියෙනවා කියලා ඔප්පු කරන්න බැහැ හෙවත් මනසින් ස්වායත්ත වූ යතාර්ථයක පැවැත්මක් ඔප්පු කල නොහැකි බව.

    ඒ අදහසට එකඟ වෙන්න වෙනවා මොකද ඇත්තටම එහෙම ඔප්පු කරන්න ක්‍රමයක් නැති නිසා. මොකද අපි කරන හැම නිරීක්ෂණයක්ම, නිගමනයක්ම, තර්කයක්ම ඉදිරිපත් කරන්න අපි භාවිතා කරන්නේ මනසම නිසා.

    ඒත් ඔතනදි මතුවෙන තවත් කාරණයක් තමා මනසින් ස්වායත්තව ඇත්තටම යතාර්ථයක් තිබුනත් ඒ යතාර්ථයත් සත්‍යවශයෙන්ම පවතින බවට අපට ඔප්පු කරන්න බැහැ, මොකද ඒ ඇත්තටම පවතින (කියල අදහස් ඉදිරිපත් කිරීමේ පහසුව සඳහා දැනට උපකල්පනය කල) ඒ යතාර්ථය ගැනත් අපට තර්ක කරන්න තියෙන එකම දෙය අපේ මනස පමණක්ම වන නිසා.

    මේ ගැන මීට කලින් කියපු උදාහරණයක් නැවත ඉදිරිපත් කරන්නම්.

    "ඉස්සර මිනිස්සු හිතන් හිටියෙ පෘථිවිය වටේ ඉර කැරකෙනවා කියලලු. ඔන්න දවසක් එක මනුස්සයෙක් හොයා ගත්තලු ඇත්තටම ඒක එහෙම නෙමේ, ඇත්තටම පෘථිවියයි ඉර වටේ කැරකෙන්නේ කියලා. ඊට පස්සේ ඒක එයා ඔප්පු කරලත් පෙන්නුවලු.

    ඒක අහපු මනුස්සයෙක් අහනවලු

    'ඒත් බලපුවාම පේන්නේ හරියටම ඉර පොළව වටේ කැරකෙනව වගේ නෙ' කියල

    එතකොට සොයා ගැනීම කරපු මනුස්සයා කියනවලු

    'ඇයි එතකොට පොළව ඉර වටේ කැරකුනා නම් පේන්නේ මේ වගේම නෙමේද?'

    කියල..ඕක තමා කතාව.

    අවාසනාවට යතාර්ථය ඇත්තක් වුනත් බොරුවක් වුනත් අපට ඒක අත්විඳින්න පුළුවන් මනස තුළින් විතරයි. මේ ගැන දෙපැත්තට නිදිමරාගෙන වාද කරන්න පුළුවන් වුනත් එක පැත්තක් හරියි කියල ඔප්පු කරන්න විදිහක් නැති නිසා තේරුමක් නැති දෙයක් කියලයි හැඟෙන්නෙ. ප්‍රයෝජනයකුත් නැත්තන් හරියට ඔප්පු කරගන්නත් බැයි නම් වාදකරගෙන වැඩක් නැහැනෙ. අකමැත්තෙන් හරි අත ඇරලා දාන එක හැර වෙන කරන්න දෙයක් නැහැ මට තේරෙන ව්දිහට නම්.


    ප.ලි. - [දැනට මේ විෂය ගැන තියෙන සොච්චම් දැනුම මත පදනම්ව ලිව්ව පෝස්ට් එකකි. දන්නා කෙනෙක් ඇවිත් මේ අදහස් වැරදි යැයි වාද කලොත් ලැජ්ජ නැතුව වරද පිළිගැනීමට ඉඩ ලැබීම සඳහා මේ අවසාන වචන කිහිපය ඉදිරිපත් කලෙමි]

    ReplyDelete
  2. මමත් එක්තරා කාලයක වස්ථවික යථාර්තය කියන සංකල්පය ගැන ගොඩක් දුරට සැලකිලිමත් වුනා ( ප්‍රධාන වසයෙන්ම "මගේ ලෝකය" කියවීම නිසා) . මට මතකයි අපේ යාළුවක් තමන්ගේ කාල වේලාව ශ්‍රමය වැය කරල Constructive Relativism ගැන අපට බුකි කුප්පියක් පවා දැම්මා (සුජීවට මතක ඇති) - කෙසේ වුනත් පසුකාලීනව මගේ මතයත් මේ සුජීව දරන මතයට බොහෝ දුරට සමපාත වුනා

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete