Monday, January 16, 2017

ප්‍රසාරණය වන විශ්වයේ කෙළවර සොයා යමු. එන්න අප සමග.


සාමාන්‍ය දැනුම සමූහයක කුස් ප්‍රනාන්දු අහන ප්‍රශ්නයක්.

"විශ්වය ප්‍රසාරනය වෙනවා කියනවානේ... එහෙම ප්‍රසාරනයවන්නේ කොහේටද?"


බලමු උත්තරයක් දෙන්න.

විශ්වය කියන වචනේ පසෙක තියමු. මේක බොහොම සංකීර්ණ පැටලිලි සහගත වචනයක්. විශ්වය නිකම් පරමාණුව වගේ වචනයක් . පරමාණුව කියන්නේ කියන්නේ කඩන්න බැරි පොඩිම ඒකකය ට දාපු නමක්. සීන් එකනම් පස්සේ හොයාගන්නවා පරමාණුව තව පොඩියට කැඩෙනවා කියල. විශ්වය කියන්නේ සියල්ල යන අර්ථයෙන් දාගෙන ඉන්න නමක්. එහෙත් සියල්ල ලෙස අප සලකන දෙයට පිටින් යමක් නැහැ කියල අපිට ඔප්පු කරන්න බැහැ.

මේ කාරනාව වර්තමානයේ දැනුම හෝ කල්පිත [මේ වගේ දෙයකදී මැදින් ඉරක් ගහන්න බැහැ] ලෙස අපට තියෙන කාරනා මෙහෙමයි. ඇත්තෙන්ම කියන්න ඕනේ මං මේක ගැන දන්නා තරම ටිකයි. මොකද අභ්‍යවකාශ විද්‍යාව තාරක විද්‍යාව වගේ එව්වා හදාරලා නැහැ. ඉස්සරින්ම කෝකටත් එක්ක දන්නා ටික ලිහාගම්මු. වැරදුනොත් ඒක මම සභාවට යොමු කරනවා හදල දෙන්න.

විශ්වය කියන වචනේ එල්බ නොසිට අපි පදාර්ථය සහ රික්තය සලකමු. මේක ප්‍රසාරණය වෙනවා කියන්නේ දෘඩ ලෙස විද්‍යුත් හා ගුරුත්ව බල වලින් බැඳුනු ඒකක අතර දුර වැඩිවෙන නිසා. ඕනෙමනම් තර්ක කල හැකි විශ්වය ඒ සයිස්මයි පදාර්ථය හැකිලෙනවා වෙන්න ඇති කියලත් - හැබැයි එහෙම වුනත් පදාර්තමය මිනිසාට සාපේක්ෂව විශ්වය ප්‍රසාරණය වෙනවා . එතකොට අපි දන්නා ගණිතය [නිර්මාණය වන්නේ අපේ පදාර්ථ අවකාශයේ අවශ්‍යතා තුල] අනුව අපිට පැහැදිලි වන්නේ මේ විශ්වය කියා අපි සලකන දෘඩ දේවල් පිරුණු අවකාශය ප්‍රසාරණය වෙනවා කියල. මේක නිරීක්ෂණයක්. ඉතින් ඕක හරිද මේ හරිය ප්‍රසාරණය වෙද්දී තාම නොදන්නා තැනක් සංකෝචනය වෙනවද මේක දෘෂ්ටි මායාවක්ද ආදී තර්ක ඕනේ තරම්.

කොටින්ම මේ අපි දන්නා ගණිත හා විද්‍යා සංකල්ප වලින් ප්‍රසාරණය පැහැදිලි කරන්න බැරි නිසා අර රාහු කේතු වගේ මිතිකල් දේවල් දෙකකුත් අපි හදාගෙන ඉන්නවා. ඩාක් මැටර් ඩාක් එනර්ජි කියල. ඩාක් කිව්වේ පෙනෙන්න තියෙන අඳුරු කමට නෙවි නොපෙනෙන නොදැනෙන එවැන්නක් තියේදැයි නොදන්නා එහෙත් ඒ දෙක නැතුව සමීකරණ ටික තෘප්ත නොවන දේවල් නිසා.

දැන් ඕක "ප්‍රසාරණය වෙනවා නම් කොහෙද යන්නේ" කියන එක ලොජිකල් ප්‍රශ්නයක්. කොහෙද යන්නේ කිව්වා ගමන් මැවෙන්නේ බෝඩර් එකක්. එනම් විශ්වයේ කෙළවරක්. එතකොට ඊ ගාව ප්‍රශ්න විශ්වය විශ්වයක් නම් කෙලවරින් එහා ටික මොනවාද කියන එක. ඔය කාරනා ඔක්කොම විශ්වය කියන නොනිසි වචනය සහ කෙළවර කියන නොදන්නා මිතිකල් ස්වරූපය මත රඳා පවතිනවා. ඒ වගේම ඒ විශ්වය කුඩා අංශුවක් ලෙස පැවති මහා පිපිරුමකින් හැදිලා මෙහෙම ප්‍රසාරණය වුනා කියන මතයත් එක්ක ඉහත ප්‍රශ්න තවත් වැලිඩ් වෙනවා. විශ්වය පරිමිත කාලයක පරිමිත සීමාවකින් ප්‍රසාරණය වී නම් ඉන් පිටත අවකාශය සහ කාලය කියන්නේ මොකද්ද?

ඕක නිකම් පිටින් බලලා හූ හූ ඔන්න තොපේ විද්‍යාව කියලත් කිව්ව හැකි. හැබැයි ආගම ගැන ආගමේ මතයෙන් අපි කතා කළා වගේ සාධාරණව විද්‍යාවේ මේ කතා විද්‍යා මතවලින් බැලුවොත්; මහා පිපිරුම පරිමිත අතීත කාලෙක වුනානම් කියන කතාවට එන උත්තරේ තමා අතීතය සහ කාලය කියන දේවල් ඔහොම විශ්වයෙන් පිටස්තර එව්වා නෙවි. එව්වා විශ්වයේ අභ්‍යන්තරික දේවල්. ඒ විතරක් නෙවි මෙන්න විශ්වයේ ආරම්භ මොහොතේ කාලයේ සමීකරණය. අන්න ඒ සමීකරණය [අහන්න නම් එපා පුතෝ ඇහුවත් කියන්නේ නැහැ :) ] අනුව ඒ පිපිරුම ආසන්න වත්ම කාලය ගෙවෙන්නේ මීට වෙනස් විදිහකට එනම් විශ්වයම අංශුවක්නම් එය එසේ වූ මොහොත තියෙන්නේ ඒ අංශුව තුල කාලයෙන් අනන්තයක් අපිට පස්සෙන්. කාලය පරිබාහිර නැහැ කියන එක ඇරෙන්න ඉතිරිය මට තේරෙන විදිහට ලිව්ව අර්ධ සත්‍යයක්. ඔන්න ඔහොම සීන්ස් එකක් තියෙනවා කියමු.

දැන් වැඩේ එහෙම සීන්ස් එකක් ආවාම අපේ සම්මත චින්තනය කැඩෙනවා. අපිත් ඉන්නේ විශ්වයේ කාලයත් දුවන්නේ විශ්වයේ, ඉතින් අපිට මේක පෙට්ටියෙන් එලියට ගන්න බැහැ. සොරි අන්ශුවෙන්.

ඒ වගේමයි විශ්වයේ කෙළවර ගැන කතාවත්. කෙළවර ආසන්න වත්ම අවකාශයේ ස්වරූපයන් මෙහෙම රේඛිය නැහැ. ඒ නිසාම කෙලවරට ගිහින් එහා පැත්තට යන්න බැහැ. දුරින් ගත්තොත් කෙළවරක් වන යමක් එතනට ගියොත් එහෙම නැහැ. මේකත් මට තේරෙන විදිහට ලිව්ව අර්ධ සත්‍යයක්.

දැනට පිළිගන්නා භෞතික විද්‍යාව අනුව අවකාශය කාලය වගේ දේවල් එකිනෙක හා බද්ධ වූ විශ්වය නමැති ව්‍යුහය බැඳී කම්බි දැලේ කොටස්. එක කම්බියක් ඇඹරුව ගමන් අනිකත් ඇඹරෙනවා.

ඔය ඔක්කොම තුල විද්‍යාව කිසියම් ගණිතමය ලෙස ස්ටේබල් මතයක් දෙනවා. මේ ජාමේ බේරගන්න කියපු අමු කෙප්ප නෙවි. එහෙත් මෙව්වා හුදෙක් ගණිතමය මාවතකින්  බිහි වූ සංකල්ප විනා  බීකරයක කුඩා විශ්වයක් හදලා මැනලා බලාපු එව්වා නෙවි. මෙව්වට දාර පත ඇඟට  දැනෙන  සාධක නැහැ. තියෙන්නේ බොහොම සුළු සාධක ප්‍රමාණයක්. තවම දැකල නැති වුනාට තල්මසා සහ යෝධ බූවල්ලා දෙන්න මූදු පතුලේ ගහගන්න බවට සාධක තියෙනවා. මේ විශ්ව කතාවට තියෙන්නේ ඒ සාධක අහලකට වත් නොවෙන මවා ගත්තු සාධක. හැබැයි මවා ගත්තු සාධක සහ සංකීර්ණ ගනිතයක අවසන ස්ටේබල් වූ මතයක් හැදෙනවා. ඒක අපි අවංකව පිළිගන්න ඕනේ.

දැන් ඔය දෙබරේ සෙටල් වෙලා තිබ්බට ඕකට ගලක් වදින්නේ මොකක් හරි අඥ්ඥකොරොස් වැඩකින් මේ සාධක කියා මවා ගත්තු එකක් අල්ලලා පොළොවේ ගහපු දවසක. ඉස්සර නිව්ටන් පප්පා ඔහොම ස්ටේබල් කතා ලියල තිබ්බ කාලේ මයිකල්සන් සහ මෝලි කියන දෙන්න කලේ එහෙම අඥ්ඥකොරොස් වැඩකින් සාධක කියා මවා ගත්තු එකක් අල්ලලා පොළොවේ ගහපු එක. එනම් අර ඒ ලෙවල් වලට කල සාපේක්ෂ ප්‍රවේගය ගණන හදන ආකාරයට ආලෝකයේ ගමනට සාපේක්ෂ ප්‍රවේගයක් දාන්න බැහැ කොහොම කරකුවත් එහි ප්‍රවේගය [රික්තයේ] නොවෙනස් කියල. ඔතනින් වෙච්ච පලුද්ද වහන්න ගිහින් අයින්ස්ටයින් පප්පා මුළු විශ්වයම ඇදලා හකුලලා අඹරලා කලවම් කරලා අලුත්ම එකක් හැදුවා. අපි හිතාන ඉන්නේ දැන් ඕක තමා සීන් එක කියල. ඒ ඊ ගාව එපිසෝඩ් එක එනකම්.

දැන් මම මහන්සි වෙලා කිව්ව එකේ ආයිත් කියන්න ඕනේ නැහැනේ මෙව්වත් කතන්දර තමා. වෙනත් ඕනෑම කතන්දරයක් වගේ. හැබැයි මෙව්වා බොහොම මහන්සියෙන් කෑලි හැලෙන්නේ නැතිවෙන්න ස්ටේබල් ලෙස නිර්මානය කරලා තියෙනවා. අවුලක් අහුවුනොත් අපේ බ්ලොග් එකක් වගේ ඇවිත් මකලා හදනවා. කොලේ ලියපු නවකතා නෙවි.

හොඳයි දැන් මොකද්ද අපිට කල හැකි. අපිට දැනට ස්ථිර ලෙස කියන්න පුළුවන් අපේ මිනුම් උපකරණ අනුව අප වටා පවතින ගුරුත්වයෙන් හෝ විද්‍යුත් චුම්බක ආදී බලයකින් දෘඩ ලෙස බැඳුනු පද්ධතිවල සයිස් එකට සාපේක්ෂව ඒවා අතර දුර වැඩිවන බව නිරීක්ෂණය කර ඇති බව පමණයි. එච්චරයි.

ප.ලි.

විශ්වය  අනන්ත  නම්  එයට  ප්‍රසාරණය  වෙන්න  බැරිද?  ප්‍රසාරණය  කියන්නේ  බන්ධනගත  වෙච්ච  දේවල්  අතර  දුර  වැඩිවීම.  එතකොට  අනන්ත  ප්‍රමාන  දෙයක්  ප්‍රසාරණය  වුනාට  ලොකු  වන්නේ  නැහැ.  අනන්ත  ප්‍රමාන  කියන්නේ  වෙනත්  වදනකින්  කෙළවරක්  නැහැ  කියන  එක. ඉතින්  දේවල්  ඈත් වුනාට  එලියට  යන්න  බැහැ  කෙළවරක්  නැහැනේ. ඔය  එක  කතාවක්.

ඇත්තෙන්ම  විශ්වය  අනන්ත  ප්‍රමාන  ද?  මෙය  මිනිස්  හැකියාව  තුල  මිනිය  නොහැක්කක්. වාස්තවික  යතාර්ථය  වගේ.  මේ  ප්‍රසාරණය  වෙන  මොකක්  හරි  එකේ  කෙළවරක්  හමුවුනොත්  එදාට  එය  නොවේ  විශ්වය,  වචනාර්ථයෙන්  විශ්වය  කියන්නේ  සියල්ල. හැබැයි  සමහරවිට  වචනාර්ථය  පසෙක  දමා  එයට  විශ්වය කිව්වොත් (පරමාණුව  වගේ) එදාට  විශ්වයන්  රාශියක්  දරන  සුපිරි  විශ්වයක්  හෝ  වෙන  මෙව්වෙකක්  ගැන  කතා  වෙයි. හැබැයි අල්ටිමට්  කෙළවරක් හොයන්න  මිනිසාට  බැහැ.   ඒ  තවත්    කතාවක්.

ද්විමාන  ජීවියෙක්  බෝලයක  මතුපිටේ  ඇවිද්දොත්  ඌට  ගමනේ  නිමක්  නැහැ.  ඌ  කෙළවර  කියා  දකින  තැනට  ආවම   ආයිත්  මැද්දක්. හැබැයි  ත්‍රිමාන  ලෙස  වක්‍ර  වූ  ඒ ගෝලමතුපිටේ  වර්ගපලය  පරිමිතයි. විශ්වය  හතරවැනි  මානයකින්  එහෙම  එකක්නම්,  ත්‍රිමාන  ලෙස  දකින  අප එහි  කෙළවරක්  කියා  කොතරම්  හිතුවත්  එතනට  ගියාම  ඒ  කෙළවරක්  නෙවි  අපට  එය  අනන්ත  වූ  අවකාශයක්  වේවි [කාලය  තවත්  මානයක්  ද  මාන  කීයක්  තියේද,  මාන  කියන  අර්ථදැක්වීම  අර්ථයක්  ඇති  එකක්ද  ආදී අතුරු  ප්‍රශ්න  ඉග්නෝ  කරනවා,  මේ  උදාහරණයක්  දුන්නේ ].  ඕකත්  තව  කතාවක්  [බැලූනින්  යුනිවර්ස්]


ඔක්කොම  ඔහොම  විවිධ  කතා  තමයි.  අපි  දකින  එකම  දේනම්  අපි  තාරකා  වල  දීර්ඝ  කාල  ගමන්  කල  ආලෝක  කිරණ  වර්ණාවලි  වලට  දැම්මම  ඒ තාරකා  එලි  වර්තමානයට අසන්න  වෙද්දී  වඩාත්  ප්‍රසාරණය  වෙන ඉඩක  ගිය  බවක්  නිරීක්ෂණය  කරනවා.  ඒ  මත  විශ්වය  ප්‍රසාරණය  වන  බව  අපි  හිතනවා.  ඔය  නිර්ක්ෂණය  විතරයි  කතාවක්  නොවන්නේ.

12 comments:

  1. නුතන වාදියෝ ටික ඔක්කොම තඩි බයියෙක් වෙච්ච නලින්ද සිල්වා ළඟ නතර වෙන එක හරි ශෝක් වැඩේ නේද? නලින්ට කෝචෝක් කරන අප්පුහාමිල නලින් කියන දේ ගැන ඌණු පූකක තරම් දෙයක් වත්ද න්නේ නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. නූතනවාදියෙකුගෙන් අහන්න වෙයි.

      මම නලින් විරෝධියෙක් නොවේ. නලින්ගේ පොත් කියවපු කෙනෙකුත් නොවේ. ඒ වගේම නලින් විසින් සිංහල සමාජයට ඉදිරිපත් කල ඔය අදහස් [පුවත් පත් වලින් දූ ටු තරමින්] ඔහුගේ ඒවා නොවේ. ඔහු බටහිර සංවාද මණ්ඩප වලින් අරගෙන තම අ අලුත් මත හැදුවේ. කළෝ ෆොන්සේකා ඔය ගැන හොද කතාවක් කිව්වේ.

      "ඔබ කියූ අලුත් කතා ඇත්ත නෙවෙයි. ඔබ කියූ ඇත්ත කතා අලුත් නෙවෙයි "

      කෙසේ වෙතත් මම කැමති නලින් ගෙන් ස්වායත්ත වෙන්න මිස අනොය්නය් වශයෙන් බහිෂ්කාර වෙන්න හෝ මතවාදී යැපෙන්නෙක් වෙන්න නෙවි.

      Delete
  2. විශ්වය කියන්නෙ අපේ මනසෙන් එලියට ප්‍රොජෙක්ට් කරන සිමියුලේශන් එකක්. කියල මං හිත හදං ඉන්නෙ.
    ඒවත් නලින් සාදුට කොපි රයිට් ද දන්නෙ නෑ.
    සුජීව විශ්වය කියන්නෙම එහෙම අපි මනසින් මවන ප්‍රබන්ධයක් නම් ඒ ප්‍රබන්ධයට පිටතින් රියල් එකක් තියනව ඒ රියල් එකේ ඉඳන් ප්‍රබන්ධ විශ්වය මනසින් මවනව දකිනව ස්පර්ශ වෙනව ඇහෙනව ..රස විඳිනව..etc කියල හිතන තැනදි බටහිර නූතනවාදී සිමියුලේශන් තියරි කඩා වැටෙනව කියලයි මං හිතෙන්නෙ.
    ( ඉහත කමෙන්ට් කරුවා කියන එක ඇත්ත මේ ගැන නලින් සාදු කියන්නෙ මොනවද කියල නම් මං දන්නෙ නෑ)
    මං හිතන්නෙ භෞතිකවාදී විදියට නැත්නම් නූතනවාදී විදියට මේක අවබෝධ කරගන්න මේ ලිපියෙ විදියට ට්‍රයි කරාම විශ්වයෙ බෝඩරෙන් එහා හෝ විශ්වයෙන් පිටත මොකද්ද තියෙන්නෙ කියන එක හොයන එක මිතිකල් වෙනව මුකුත් නෑ වගේ
    මං කියන්නෙ මං අදහන සිමියුලේශන් තියරි එකේ අපේ මනසෙ ප්‍රබන්ධයෙන් එහා රියල් එකක් නැහැ කියලයි. මට අනුව ප්‍රබන්ධයෙන් එහා රියල් එකක් නෑ ඒකෙන් එලියට ආවත් තියෙන්නෙ ප්‍රබන්ධයක්.
    සුජීව උඹේ එකට මේක දැම්මොත් ( පළවෙනි වරට මේ උත්සාහය කරන්නෙ)
    විශ්වයෙන් එහා තියෙන්නෙත් විශ්වයම තමයි .

    ReplyDelete
    Replies
    1. ඔය පෝස්ට් එක යට කිලෝමීටර දෙකහමාරක කොමෙන්ට් එකක් දාල තියෙන පොර ඒ කාලේ සයන්ටිෆික් ඇමරිකන් එකේ කොමෙන්ට් ස්පේස් එකේ උන්නු බුවෙක්. පොර බටහිර රටක හැදුනු පසුව හිමාලයේ භාවනා කරන්න ගොස් බෞද්ධ වෙච්ච පොරක් මතක හැටියට. පොර එකම එක වැදගත් කතාවක් වරක් සංවාදයක කිව්වා.

      විශ්වය සතු සියලුම ලක්ෂණ තුල අනන්තය සනිටුහන් වෙනවා. දුරට දුරට ගියොත් ආපස්සට අතීතයට ගියොත් කුඩා කැබලි කඩාගෙන ගියොත් එහි අනන්ත ස්වරූපය පැහැදිලි වෙනවා. මිනිසා සතු සියලු හැකියා පරිමිතයි. ඉතින් මිනිසාට විශ්වය තේරුම් ගන්න බැහැ, හැමදාමත් අර්ධ අවබොධයක තමා ඉන්නේ.

      අනික් කතාව කිව්වේ හෝකින්ස් මහතා. විශ්වය අප තේරුම් ගන්නට නම් විශ්වය සෙල්ෆ් එක්ස්පලනබල් දෙයක් වෙන්න ඕනේ. මොකද අපි විශ්වයට බාහිර නැහැ. අපිට අපි අන්තර්ගත වන සර්වත්රය තේරුම ගන්න බැහැ. පුලුවන්නන්ම් එය එය තුල සෙල්ෆ් එක්ස්පලනබල් දෙයක් විය යුතුයි.

      Delete
    2. මෙච්චර සංකීර්ණ කතාවක් නෙවෙයි විශ්වයෙ ඉමෙන් එහා කොහේටද කියල අහන කොටම ඒක විශ්වයෙන් පිටත දෙයක් නොවෙයි විශ්වයෙම කොටසක් වෙනව. ඉඩක් අවකාශයක් කියන්නෙම විශ්වයට අයත් දෙයක්.
      එහෙම මේකට ප්‍රසාරණය වෙන්න ඉඩක් තියේනම් එක්කො මේක තවත් මේකට වඩා ලොකු මේ ජාතියෙම විශ්වයක් ඇතුලෙ තියන කුඩා විශ්වයක් වෙන්න ඕන.
      තව කොහේ හරි තියන ඉඩකටයි මේ විශ්වය ප්‍රසාරණය වෙන්නෙ කියල හිතන එකම ඌනිත චින්තනයක් නේ. ඒ ඌනිත චින්තනය ඇතුලෙ ඉඳන් පිළිතුරු දෙන්න වෙන්නෙ ඔහොම තමයි.
      සුජීව ඔයා ආදර්ශ විශ්වයක් කෘතීමව නිර්මාණය කරනව කියන්න මේ විශ්වයෙ විද්‍යාගාරයක් ඇතුලෙ. ඒක දැන් ප්‍රසාරණය වෙනවා අපේ එක ඇතුලෙ.

      Delete
    3. විශ්වය අනන්ත නම් එයට ප්‍රසාරණය වෙන්න බැරිද? ප්‍රසාරණය කියන්නේ බන්ධනගත වෙච්ච දේවල් අතර දුර වැඩිවීම. එතකොට අනන්ත ප්‍රමාන දෙයක් ප්‍රසාරණය වුනාට ලොකු වන්නේ නැහැ. අනන්ත ප්‍රමාන කියන්නේ වෙනත් වදනකින් කෙළවරක් නැහැ කියන එක. ඉතින් දේවල් ඈත් වුනාට එලියට යන්න බැහැ කෙළවරක් නැහැනේ. ඔය එක කතාවක්.

      ඇත්තෙන්ම විශ්වය අනන්ත ප්‍රමාන ද? මෙය මිනිස් හැකියාව තුල මිනිය නොහැක්කක්. වාස්තවික යතාර්ථය වගේ. මේ ප්‍රසාරණය වෙන මොකක් හරි එකේ කෙළවරක් හමුවුනොත් එදාට එය නොවේ විශ්වය, වචනාර්ථයෙන් විශ්වය කියන්නේ සියල්ල. හැබැයි සමහරවිට වචනාර්ථය පසෙක දමා එයට විශ්වය කිව්වොත් (පරමාණුව වගේ) එදාට විශ්වයන් රාශියක් දරන සුපිරි විශ්වයක් හෝ වෙන මෙව්වෙකක් ගැන කතා වෙයි. හැබැයි අල්ටිමට් කෙළවරක් හොයන්න මිනිසාට බැහැ. ඒ තවත් කතාවක්.

      ද්විමාන ජීවියෙක් බෝලයක මතුපිටේ ඇවිද්දොත් ඌට ගමනේ නිමක් නැහැ. ඌ කෙළවර කියා දකින තැනට ආවම ආයිත් මැද්දක්. හැබැයි ත්‍රිමාන ලෙස වක්‍ර වූ ඒ ගෝලමතුපිටේ වර්ගපලය පරිමිතයි. විශ්වය හතරවැනි මානයකින් එහෙම එකක්නම්, ත්‍රිමාන ලෙස දකින අප එහි කෙළවරක් කියා කොතරම් හිතුවත් එතනට ගියාම ඒ කෙළවරක් නෙවි අපට එය අනන්ත වූ අවකාශයක් වේවි [කාලය තවත් මානයක් ද මාන කීයක් තියේද, මාන කියන අර්ථදැක්වීම අර්ථයක් ඇති එකක්ද ආදී අතුරු ප්‍රශ්න ඉග්නෝ කරනවා, මේ උදාහරණයක් දුන්නේ ]. ඕකත් තව කතාවක් [බැලූනින් යුනිවර්ස්]

      ඔක්කොම ඔහොම විවිධ කතා තමයි. අපි දකින එකම දේනම් අපි තාරකා වල දීර්ඝ කාල ගමන් කල ආලෝක කිරණ වර්ණාවලි වලට දැම්මම ඒ තාරකා එලි වර්තමානයට අසන්න වෙද්දී වඩාත් ප්‍රසාරණය වෙන ඉඩක ගිය බවක් නිරීක්ෂණය කරනවා. ඒ මත විශ්වය ප්‍රසාරණය වන බව අපි හිතනවා. ඔය නිර්ක්ෂණය විතරයි කතාවක් නොවන්නේ.

      Delete
    4. //විශ්වයෙන් එහා තියෙන්නෙත් විශ්වයම තමයි// මේක හොන්ඩ ආදහ්සක් හැටියට හිතෙනවා.

      Delete
  3. මහා පිපිරුම් කතාවත් හරියට
    පරිපූර්ණ වායුවක පරිමාව සෙල්සියස් අංශක ඍන 273දී ශූන්‍යය වෙනවා වගේ කතාවක් වෙන්න පුළුවන්.
    ඒක ගණිතමය වශයෙන් හරි. නමුත් ප්‍රායෝගිකව කිසිම වායුවකට මෙය ගැලපෙන්නේ නෑ.
    ඒ වගේම මහා පිපිරුමත් "පරිපූර්ණ විශ්වයක්" සඳහා ගැලපුනාට ස්වභාවික විශ්වයකට ඒක අදාලද කියන එක ගැටළුවක්.

    ReplyDelete
    Replies
    1. පරිපූර්ණ තාවයට ආසන්න වුනත් ඒ කතාව මාර බරපතලයි නේද? අංශුවක සිට මේ දක්වා ප්‍රසාරන යේ කතාව

      Delete
    2. මහා පිපිරුමක් කියන්නේ ඇත්තටම පිපිරුමක් නෙමෙයිනේ. ඉතා සුළු කාලයක් ඇතුලත විකාශනය වීමක් වගේ දෙයක්නේ.
      බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි . ඔය මොඩල් එක තමා දැනට තිබෙන හොඳම එක. අඩුපාඩු තිබුනත්. සමහර දේවල් ඔප්පු කරන්න පුළුවන් නිසා. හැබැයි පටන්ගන්මෙන් එහාට තිබුනේ මොකක්ද කියල හිතුනොත් බහුමාන විශ්වය කියන සංකල්පයට යන්න වෙනවා. අර උඩුත උඩ කිව්වා වගේ විශ්වය ඉවර වෙන්නෙත් විශ්වයකින් වගේ.

      Delete
  4. මම ලියපු පොස්ට් දෙකක් දමන්නද? මේ ලිපි දෙකේ තියෙන දේවල් කියවල් නිසා තමා ඔයා මේක ලියල තියෙන්නේ. නමුත් මට හිතුනා ලිපි දෙක ගැලපෙයි කියල කාට හරි විස්තරයක් අවශ්‍ය නම්.
    අවකාශ-කාලය යනු කුමක්ද හා අයින්ස්ටයින් ගේ ගණන්
    විශ්වයේ දුර මැනීම හා සාක්ෂි සොයා ගැනීම

    ReplyDelete